Saturday, December 17, 2011

දෛවය.........!!!!

මේක මට දැන ගන්න හම්බ උනේ නම් ඊයේ..මාත් එක්කම ඉන්න යාළුවෙක්ට උනු තවත් ආදර කතාවක් තමයි මේ..
ඉතින් මගේ යාළුවා ඉගන ගත්තේ කොළඹින් ටිකක් ඈත පාසලක.මේ ඉස්කෝලෙ එයාගෙම පන්තියේ හිටියලු ලස්සන ගෑනු ළමයෙකුත්.හැබැයි මේ මගෙ යාළුවනම් ඒ කාලේ ඔය එයා ගොඩක් ලස්සන හින්දම එයා දිහා බැලුවා, කතා කලා මිසක් වෙන දෙයක් හිතේ තිබුනේ නෑලු. අවුරුදු ගානක් එක පංතියෙ හිටියත් වචන දහයකට පහලොවකට වඩා කතා කරලත් නෑලු. කොහොමින් කොහොම හරි කාලය ගෙවිල ගිහින් O/L Exam ලියල මේ ගෑනු ළමයා ගෙදර කට්ටියමත් එක්ක කොළඔ පදිංචියට ආවලු. ඉතින් මේ මගේ යාළුවටත් කොච්චර නෑ කිව්වත් පොඩි දුකක් හිතිල තියනවා.;)



ඒ දේවල් උනේ මීට අවුරුදු කීපයකට උඩදි.දැන් මේ මගේ යාළුවත් ඉන්නේ කොළඹ. මාත් එක්ක එක බෝඩිමේ නතර වෙලා එක බත් පත කාගෙන තමයි දැන් ඉන්නේ. ඉතින් ඔහොම ඉන්න අතරේ එක දවසක් (ඒ මීට මාස කීපයකට කලින්) දවසක් මෙයා FB එකේ ඉන්න ගමන් කම්මැලි කමටත් එක්ක අර පරන මතකයන් තියන අර ගෑනු ළමයගේ නම Search කරලා.මෙන්න බොලේ එකම නම තියන හතර පස් දෙනෙක්ගෙම Profile මෙයාට හම්බ වෙලා.හරියටම කවුද කියල දන්නෙ නැති නිසා මෙයත් ඒ ඔක්කොටම Request  කරලා.ටික දවසකට පස්සේ මගේ යාළුවට අර ගෑනු ළමයත් එක්ක Chat කරන්න හම්බවෙලා.

ඉතින් ඔහොම පටන් ගත්ත මේ කතාව අද වෙනකොට ගොඩක් දුර ගිහින්.කොච්චර දුරද කියනවනම් මේ දෙන්නා ගොඩාක් ලගම යාළුවො වෙලා.ඒ දෙන්නගේ ජීවිතේ තියන දුක සැප හැම දේම බෙදාහදා ගන්න තරමට ලන් වෙලා. හැබැයි දැන් නම් මගේ යාළුවට ඕනි මේ යාළුකමට වඩා එහා ගිය බැදීමක්. හැබැයි ඉතින් හැම ආදරේකටම වගේ මේකටත් බාදා නැතුවම නෙවෙයි.ඉතින් තියන ලොකු බාදාවක් තමයි මේ කෙල්ලට කොල්ලෙක් ඉන්න එක. (හුටා.. ඒක ලොකුම ලොකු බාදාවක්නේ.) ඒ උනාට දැන් නම් ඒක එච්චරම ලොකු බාධාවකුත් නෙමෙයිළු.මොකද ඒ දෙන්න අතර තිබුනු සම්බන්දෙ දැන් ගොඩාක් දුරට බිදිලලු.දුක්ගන්නාරාලට වගේ ඒ ආදරෙත් හැම හොද නරකක්ම කියන්නෙ මගෙ යාළුවට හින්ද ඒ ඒ ගැන ගොඩක් දෙවල් දන්නවා.

අලේ කියන්න බැරි උනානේ..ඔය ඔක්කොම අස්සේ මේ ලගදි දවසක මගෙ යාළුවා එයාගේ හිතේ තියන හැමදේම අර කෙල්ලට කියලා..(හික්ස්...අයියෝ...මටත් ලැජ්ජයි..) ඒ මොන දේ කිව්ව කලත් මේ දෙන්නගෙ යාළුකම තාම තියනවා. හැබැයි තාම මොකුත් ප්‍රතිචාරයක් ලැබිලත් නෑ..

ඉතින් මගේ යාළුවට තියන තවත් ලොකුම ගැටළුවක් තමයි මෙහෙම දෙයක් පටන් ගත්තොත් කොහොමද ඒක ගෙදරට කියන්නේ..ගෙදරින් ඒකට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද වගේ ඒවා.ඉතින් ඒවා නම් මේ කාලේ මහා ලොකු ගැටළු නෙවෙයි ඒ දෙවල් කාලයත් එක්ක විසදගන්න ඕනි කිව්වට (අර උණ හපුළුවට තමන්ගේ පැටිය මැණිකක් වගේ සමහර අයට තමන්ට වෙන පුංචි ප්‍රශ්ණත් ගොඩක් ලොකුවට දැනෙනවනෙ. මම මෙහෙම කිව්වට ඇත්තටම අපි හැමෝම ඒ වගේ.)

ඉතින් ඔන්න හොහෙමයිලු උනේ. මම මේ පෝස්ටුව ලියන කොටත් ඒ  දෙන්න ගජරාමෙට Chat කරනවා.. ;)

ඉස්කොලෙදි එකටම ඉදලත් ලගින් ඇසුරු නොකරපු මේ දෙන්න අද ගොඩාක් ලංවෙලා..දෛවය මේ දෙන්නව එක තැනකදි මුන ගස්සවලා තවත් තැනකදි ලංකරවලා..දෛවයේ සරදමකට ලක් නොවී මේ ආදරය මේ බැදීම ජීවිතේ මුහුණ ‍දෙන හැම හැලහැප්පීමක්ම මැද්දෙන් ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න ලැබෙන්න කියල මුළු හදදඑතින්ම මම මේ දෙන්නට ප්‍රාර්තනා කරනවා....!!!!!!!!!!

13 comments:

  1. හ්ම්ම් අහන්නත් ආසයි. ආදර කතා. ගෙදරින් කැමැත්ත ගන්න බැරිනම් යාලුවෙන්න අහන්නවත් එපා කියන්න. මමත් සුභ පතනවා කියුවා කියන්න දෙන්නටම. මෙයාට මොකෝ ලැජ්ජාව හිහි..

    ReplyDelete
  2. යාලුවට කියන්න,පිස්සු කෙලින්නේ නැතුව කෙල්ලව සෙට් කරගෙන බැඳගන්න කියල.ආයේ හිත වෙනස් උනොත් නේ .....හ හ ..

    ReplyDelete
  3. එල එල..දිගටම තියෙන ආදරයක් ඇතිවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ..අර කියපු ප්‍රශ්න නම් එච්චර ලොකු ඒවා නෙවෙයි..කලින් කොල්ලෙක් හිටිය කියන එකයි,ගෙදරට කියන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නද අප්පා..???? :D

    ReplyDelete
  4. ඔය කෙල්ල පරන කොල්ලට බූට් එක තියලා මූ එක්ක සෙට් උනොත් යාළුවට ටිකක් පරිස්සමින් ඉන්න කියන්න,තව එකෙක් චැට් කරොත් මූට පොල්ල...හික් හික් හික් ....

    ReplyDelete
  5. අංශ කීපයකින් හිතලා බලලා දෙපාරක් විතර බොන්න ඕන ප්‍රශ්නයක්..හැබැයි අන්තර්ජාල පෙම්පුවත් ටිකක් අවදානම්

    ReplyDelete
  6. ම්ම්ම්ම්ම්ම්ම්..... මාත් අහන්නෙ මෙයාට මොකෝ ලැජ්ජාව??/ :p

    මාත් ඔබ නොදුටු ලොවක් එක්ක එකඟයි.. ඒ ගෑණූ ළමය එයාගෙ පෙම්වතාව අතෑරලා දාන්න හේථුව හොයල බලන එක හොදයි...

    ReplyDelete
  7. කරන දෙයක් ඉක්මනට වගේම කල්පනා කරලා. අපායට ගියත් කලින් යන්න ඕනේ වගේම ඉක්මන් කොටයිලුනේ :))

    ReplyDelete
  8. @ වර්ණා.....හී හී හුරේ හුරේ....
    ම්ම්ම්ම් මම එහෙම එයාට කියන්නම්කෝ....

    @ Tharinduhw122...ඔව්නේ..මම කියන්නම්කෝ...

    @ ගිනි කුරුල්ලා...මාත් ඔය ටිකම කිව්වා..ඕව නම් මොනාද අෆ්ෆා...

    ReplyDelete
  9. @ ඔබ නොදුටු ලොවක්...හික්හික්...හ්ම් ඒකත් ඇත්ත..

    @ Janaranga...දෙපාරක් නෙවෙයි දෙතුන්පාරක් විතර...

    ReplyDelete
  10. @ හිතූ...හිකි හිකි අලේ මන්දා මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ...
    මට කලින් ලියන්න බැරි උනානේ.ඒ සම්බන්දෙ නවතින්නත් හේතු තියනවලු. ඒ කෙල්ලගේ ඒ සම්බන්දෙ තිබුනට එයාට කිසිම නිදහසක් නෑලු.හැම වෙලේම එයා දිහා සැකෙන්ලු බලන්නෙ..තව කාරනා තියනවලු.මම දන්න ඒවා ඔය.තව මම නොදන්න ඒවත් ඇතිනේ..කොහොම උනත් ඔයා කියපු දේත් ගොඩක් වටිනවා හිතූ...

    @ Hasitha...යා යා ඒකත් හැබෑව....

    ReplyDelete
  11. දෛවය හරිම පුදුමාකාරයි....දරාගන්නම බැරි දුකක් දීපු දෛවයම පසු කාලයකදී මල් හිනා පොදියක්ම මට දුන්නා.දෛවයට මම වෛර කරනෙ නැත්තෙ ඒ නිසා.ඔයාගෙ යාළුවට සුභ අනාගතයක් පතනවා

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...