Saturday, November 19, 2011

හෆෝයි....

"මාර පොරක්නෙ ඕයි"

"පිස්සෙක්"

"තමුසෙනම් මහ නිවටයෙක්"

"පිරිමියෙක් වගේ හිටපංකෝ"

"වෙන කෙල්ලො නැද්ද බං"

"මෝඩයෙක්"

"වරෙං බං දුකටත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න"

"අපි දෙමුද හොද ගේමක් තරු විසිවෙන්න "

"උඹට ඕව කලින් හිතන්න තිබුනේ"

"ටිකක් හිනා වෙලා හිටපංකෝ..අපිටත් එක්ක එපා වෙනවා.."

"හැමදාම වගේමයි නේද"

"දුක් නොවී ඉදපං ඉතින්"

"ඒකි පිං කරල නැ බං උඹව ලැබෙන්න"

"ගෑනුන්ගෙ මොලේ හැදිමිටේලුනේ..උඹ මොනව කරන්නද"

"පාඩම් කරපං ඕව අමතක වෙන්නත් එක්ක"

"හොයමුද හොද කෙල්ලෙක් පාළු මකා ගන්න"

"යමං ට්‍රිප් එකක් කොහේ හරි"

"අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ"

"මගෙන් මොකුත් නාහ හිටහං"

"හිත හදාගනින් බං..අපි යං පංසල පැත්තෙ"

"තව මොනව කල්පනා කරන්නද වරෙං යන්න"
...
.....
.......
.........
හෆෝයි කන් දෙක රිදෙනව බං නවත්තගනින්කො ඔය කන්කරච්චලේ...!!!#$%^#$^#$^#

9 comments:

  1. මතන් කොල්ලෝ!
    ඇත්තෙන්ම මාර පොරක්...
    පිස්සෙක් නෙවෙයි සෙනෙහෙවන්තයෙක්..
    නිවටයෙක් නෙවෙයි සත්පුරැෂයෙක්...
    නියම කොල්ලෙක් තමයි...
    මෝඩයෙක් නෙවෙයි පරාර්තකාමියෙක්...
    දුකට සෙටේවෙමු බේබදුකම ජයගන්න නොව දුක බෙදාගන්න...
    ඒගැන කලින් හිතන බෑ...
    අපි තාමත් කෘතක්ජනයි..
    ඇයත් මාත් පිං කරල නැහැ බං..
    "ගෑනුන්ගෙ මොලේ හැදිමිටේ,.ඒ අතීත ගෑණුන්ට කිවුවෙ"..
    අතට ගත්තු දේ ලොකුයි කොල්ලො කටට වඩා..
    හිත දැන් හදාගන්න බැරිතරම්ම අකිකරු වෙලා....


    ....හැමදාමත් ඒ ආදරේට ආදරෙයි.....

    ReplyDelete
  2. නරකම නෑ.හොඳයි ජයවේ!!

    ReplyDelete
  3. @RaZer...මම දන්නවා මල්ලි..ඒත් මොනවා කරන්නද...

    @අසරණයා...තුන්කූ වේවා...

    ReplyDelete
  4. අපෝ මල්ලි. ඕව නම් කන්කරච්චලයක් නේන්නම්. හැමතිස්සෙම ඇහෙනකොට එපා වෙනවා බොලවු.

    ReplyDelete
  5. අයියෝ!!!! ඔයාගේ මූණ දැක්කහම මටත් හිතුනේ හෆ්ෆෝයි කියලාමයි..දුකින් මැලවිලා වගේ...හ්ම්ම්ම්... අනේ මංදා කියන්න දෙයක් මට නෑ ව්අගේ..:(

    ReplyDelete
  6. මොනා කරන්නද නංගී...දුක තමයි..

    ReplyDelete
  7. @මධුරංග...ඔය වෙලාවට තමයි හෆෝයි කියල හිතෙන්නේ..

    ReplyDelete
  8. තනිකම හොදයි දෙබසින් දුක වැඩි හැන්දා.. ඒ නිසා මම මුකුත් නොකියා ඉන්නම්...

    ReplyDelete
  9. ඔව් ඒකත් හොදයි නේද...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...