Thursday, November 17, 2011

"....නමුත්, මම ඔයාට ආදරෙයි"

දන්නවද..ලෝකෙ තියන ලස්සනම වාක්‍ය...;
"....නමුත්, මම ඔයාට ආදරෙයි" ලු.
ඒ වගේම..ලෝකෙ තියන වේදනාත්මකම වාක්‍ය....;
"මම ඔයාට ආදරෙයි, නමුත්...." ලු.

මේ අත්දැකීම් දෙකම ලබපු කී දෙනෙක්නම් අපි අතර ඉන්නවද..
ගොඩාක් වාසනාවන්ත අයට ලෝකෙ තියන ලස්සනම වාක්‍ය අහන්න ලැබෙනකොට තවත් සමහර අයට අර දෙවෙනි වාක්‍ය අහන්න ලැබෙනවා.
ජීවිතේ දරාගන්න බැරි තරම් වේදනාවක් මැද්දෙන්,බාධක මැද්දෙන් තමන්ගෙ හිතේ උපන්න ආදරයක් තව කෙනෙක් වෙනුවෙන් රැකගන්න..ඒ හැම බාධකයක් මැද්දෙන් තව තවත් ආදරේ කරන්න..හිතේ ගොඩාක් ලොකු ශක්තියක් තියෙන්න ඕනි. ඒ වගේම එහෙම කෙනෙක්ගෙ ආදරයක් ලබන්න ආත්ම ගානක ප්‍රාර්ථනාවක්, පිං ගොඩාක් පුරපු කෙනෙක් වෙන්න ඕනි.


මටත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්නම්...!!

5 comments:

  1. මම් එක වාක්කියක්වත් අහලා නෑනේ.

    ReplyDelete
  2. @මධුරංග..මම නම් ඔය දෙවෙනි එක අහල තියනවා...

    @සරත්...ම්ම්ම්ම්ම් මාත් මේ බලා ඉන්නවා...

    ReplyDelete
  3. මග බලාන ඉන්න. ඇය ලගම ඇති. ඇයව හොයාගන්න,,,

    ReplyDelete
  4. ඔව් අෆ්ෆා මාත් මේ පන දාගෙන හොයනවා ;)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...