Monday, November 14, 2011

ආදරේ කරන්න හේතුවක් ඕනිමද.....?

දවසක් මෙන්න මෙහෙම දෙයක් උනාලු....

පෙම්වතිය :- ඇයි ඔයා මට කැමති..? ඇයි ඔයා මට ආදරේ කරන්නේ..?
පෙම්වතා :- මට ඒකට හේතුවක් කියන්න බෑ..ඒත් මම ඔයාට ඇත්තටම කැමතියි..
පෙම්වතිය:- ඔයාට ඒකට හේතුවවත් කියන්න බැරිනම්..ඔයා කොහොමද කියන්නෙ ඔයා මට කැමතියි    
                 කියලා..?ඔයා කොහොමද කියන්නෙ ඔයා මට ආදරේ කරනවා කියලා..?                       
පෙම්වතා :-ඇත්තටම..මට ඒකට හේතුවක් කියන්න තෙරෙන්නෙ නෑ..ඒත් මට ඔප්පුකරන්න පුළුවන් මම
                ආදරෙයි  කියලා.

පෙම්වතිය :- ඔප්පු කරන්න?? නෑ!!! මට ඕනි ඔයාගෙන් හේතුව දැනගන්න. මගේ යාළුවගේ Boyfriend නම්              
                එයාට කියල තිබුනා ඇයි එයාට ආදරේ කරන්නෙ කියලා.ඒත් ඔයා නෑ...!
පෙම්වතා :-හොදයි..හොදයි...!!!ම්ම්ම්ම්ම්ම්...... ඔයා ගොඩක් ලස්සන නිසා..
                ඔයාට ලස්සන කටහඩක් තියන හින්දා...
                ඔයාගෙ රැකවරනය නිසා...
                ඔයා ගොඩක් ආදරණීය නිසා...
                ඔයා ගොඩක් කරුණාවන්ත නිසා...
                ඔයාගෙ ඔය ලස්සන හිනාව නිසා...
                ඔයාගෙ හැම හැසිරීමක්ම නිසා...

ඉතින් මේ කාන්තාව ගොඩාක් සතුටු උනා මේ මනුස්සය දීපු උත්තර වලට..
ඒත් අවාසනාවට ඊට ටික දවසකට පස්සෙ මේ කාන්තාව හදිසි අනතුරකට ලක් වී සිහි නැති  තත්වයකට පත්වුනා..
එයාට සිහිය එනකොට අර මනුස්සයා එයාගෙ ලගින් ලියුමක් ලියල තියල ගිහින් තිබුනා..
ඒකෙ තිබුනෙ මෙන්න මෙහෙම....

සොදුරිය, ඔයාගෙ ලස්සන කටහඩ නිසා මම ඔයාට ආදරේ කලා...දැං ඔයාට කතා කරන්න පුළුවන්ද..? බෑ!! ඒ හින්ද මට ඔයාට ආදරේ කරන්න බෑ...
ඔයාගෙ රැකවරනය ඔයාගෙ මං ගැන තිබුනු සැලකිල්ල නිසා මම ගොඩක් ආස කරපු..ඒත් දැන් ඔයාට ඒවා පෙන්නන්න පුළුවන්ද..බෑ!! ඒ හින්ද මට ඔයාට ආදරේ කරන්න බෑ...
ඔයාගෙ ඔය ලස්සන හිනාව හින්දා..,ඔයාගේ හැම හැසිරීමක්ම හින්දා..මම ඔයාට ආදරේ කලා..
ඒත් දැන් ඔයාට ඒ වගේ හිනාවෙන්න පුළුවන්ද..මං ආස විදිහට හැසිරෙන්න පුළුවන්ද..? බෑ!! ඒ හින්ද මට ඔයාට ආදරේ කරන්න බෑ...

ආදරේ කරන්න මොනව හරි හේතුවක් තියෙන්නම ඔනිනම්..හරියට දැන් වගේ..මට කිසිම හේතුවක් නෑ ඔයාට ආදරේ කරන්න..
ආදරේ කරන්න හේතුවක් ඕනිමද.....????????

නෑ!!!!! ඒ හින්දා..,
මම තාමත් ඔයාට ආදරේ කරනවා......


"ජීවිත කාලය පුරාවටම ආදරය රැක ගන්නා නමුත්,තෘෂ්ණාව,ආසාව නිසා සැබෑ ආදරය විනාශ නොවේ...!"


මේ කතාව අන්තර්ජාලයේ ඇවිදිනකොට මට හම්බවුනු කතාවක්..සමහරවිට මේක දැකලා කියවලත් ඇති ගොඩදෙනෙක්.ඒත් නොදැකපු නොකියවපු අයට දකින්න කියවන්න මේක දාන්න හිතුනා..
ඉතින් මොකද හිතෙන්නෙ...,
ආදරේ කරන්න හේතුවක් තියෙන්නම ඕනිද...?






                                               
             

6 comments:

  1. ඇත්ත.. ආදරේ කරන්න හේතුවක් ඕනෙ නෑ. ඒත් ආදරේ නැති වෙන්න හේතු ගොඩයි!

    ReplyDelete
  2. ආදරේ කරන්න හේතුවක් නම් ඕනා කියලා මම හිතන්නේත් නැ... ආදරේ කියන්නේ මෙන්න මේ හින්දා පවතින දෙයක් කියලා සමකරන්න මම මුකුත් දන්නේම නැ.....

    ReplyDelete
  3. හිතුමතේ කියන්නේ නම් හේතුවක් නැතිවම ආදරෙන් බැටකාපු කොල්ලෙක්.... ආදරේට හේතුවකට වඩා වැදගත් දෙන්නා අතර අවබෝධය විශ්වාසයයි

    ReplyDelete
  4. මෙහෙම ආදරයක් කරන්න මෙහෙම ආදරයක් ලබන්න හැමෝටම බෑ. ඒකට පින් කරලා තියෙන්න ඕනේ.

    ReplyDelete
  5. ආදරේ කරන්න හේතුවක් ඕන නැහැ,,ඇත්ත.. එත් බොරු හේතු හදන ආදරෙන් පැනල යන අය කොච්චර ඉන්නවද..

    ReplyDelete
  6. @විසිතුරු....හ්ම්..යා යා..

    @දේවා..හ්ම්ම්ම්ම්ම්ම්

    @හිතුමතේ...ඒක ඇත්ත

    @මධුරංග..ඔව් අයියා..

    @වර්ණා...ම්ම්ම් මාත් දැකල තියනවා..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...