Monday, November 7, 2011

නුඹ..එදා/අද...හෙට..??

අහඹු ලෙස ලංවෙලා...
මිමිණුවා
නුඹ එදා...
නෙත රුදුනු කදුළු බිදු...
පිසළුවා
නුඹ එදා...
සිහිනයක දැවටෙමින්...
සැනසුවා
නුඹ එදා...
සෙවනැල්ල ලෙස ලගින්...
පැමිණියා
නුඹ එදා...

.......
............
...............
..................
.....................
.........................
ලංව මිමිණූ වදන්...
ගොළුවෙලා
නුඹ සමග...
නෙත රුදුනු සිනා රැලි...
සැගවෙලා
නුඹ සමග...
සිහිනයත් මා ලගින්...
බොදවෙලා
නුඹ සමග...
සෙවනැල්ල හොරු අරන්...
පලාගොස්
නුඔ සමග...
.......
............
...............
..................
.....................
.........................
සිතින් මිමිණූ වදන්...
ගොළුවෙයිද
මා සමග...
නෙත පැතූ සිනා රැලි...
සැගවෙයිද
මා සමග...
සිහිනයක් සේ හෙටත්...
බොදවෙයිද
මා සමග...
සෙවනැල්ල සේ පැතුම්...
තනිවෙයිද
මා සමග...

5 comments:

  1. අනේ...මේ අතීතය අමතක කරලා, වර්තමානෙ සතුටින් ඉදලා අනාගතේ ලස්සනම ලස්සන කරගන්න තිබ්බනම් නේද අයියේ?? :(

    ලස්සනයි සිතිවිලි අහුර අයියේ... අපූරුයි

    ReplyDelete
  2. මේ කවිය නම් මටම කියලා ලියෝ ගත්ත කවියක් වගේ. දුක උනත් ලස්සනට ලියවිලා. මාරම හැකියාවක්.

    මෙහෙම කරමු මලේ. දුක් වෙලා නොඉද වෙන එකකට උත්සහ කරමු. ජීවිත කාලයම තනියම ඉන්ට කියලා යෑ.

    ReplyDelete
  3. සෙවනැල්ල සේ පැතුම්...
    තනිවෙයිද
    මා සමග... හ්ම්ම්ම් ලස්සනයි..

    ReplyDelete
  4. @හිතූ...ඔව් නංගි එහෙම කරමු

    @මධුරංග...ස්තූතියි අයියා..ඒක තමයි.බලමුකෝ...

    @වර්ණා...ස්තූතියි...

    ReplyDelete
  5. ජීවිතය අහඹුවක්..
    ආදරය මිරිගුවක් ද??නැහැ...
    ඒත්,අහඹු වූ ජීවිතයේදී ආදරයත් මිරිගුවක් නොවෙයි කියල කාටද කියන්න පුලුවන්??
    නොදන්නා හෙටක් ගැනට වඩා,දන්න අද ,සතුටින් ගෙවන්න උත්සහ කරන්න ඕනෙ..එතකොට හෙට මැරුනත් බය නැහැ...:)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...