Sunday, October 2, 2011

හදවතින්ද...,බුද්ධියෙන්ද....!

දයාබර ඔයාට....,

ඔයා මට මුනගැහුනෙ අහම්බෙන් උනාට, ඒ හමුවීමට මහා ලොකු කාලයක් ගතවෙලා නොතිබුනාට ටිකින් ටික, ටිකින් ටික ඔයා මගෙ ජීවිතේ මහා ලොකු වපසරියක් මටත් හොරෙන්ම අරන් ඉවරයි. ඒක මෙච්චරයි කියල කියන්න මම දන්නෙ නැති වුනාට තනිවෙලා පාළුවෙන් හිටිය මට ඔයාගෙ සෙවන, ඔයාව, මහමෙරක් උනා.මහා නියගෙකට අහුවෙලා කාලෙකට පස්සෙ වැටෙන වැස්සට පීදෙන දළු කොළ වගේ මගේ හිතෙත් පුංචි පුංචි බලාපොරොත්තු ඇතිවුනා..කාලෙකට පස්සෙ මම සතුටින් හිටියා..ජීවිතේ ගැන වෙනස්ව හිතුව..අරමුණක් ඇතිවුනා. ඒ ඔයාට පිං සිද්ද වෙන්න.කෙල්ලෙක් සතු කොල්ලෙක් බලාපොරොත්තු වෙන ගොඩක් හොද ගතිගුණ  ඔයාට තිබුනා..ලස්සන හදවතක් තිබුනා..ඒ හදවතට මම ගොඩක් ආදරේ කළා..


ඒත් ජීවිතේ කියන්නෙ අපි බලාපොරොත්තු වෙන..,අපි ආස කරන හැම දේම අපිට ලබාදෙන දෙයකට නෙවෙයි..අද අත්වැල් අල්ලගෙන සතුටින් එක්වෙන අපිට හෙට ඒ අත්වැල් වලින් මිදිල ඈතට යන්න වේවි..සමහරවිට ඒ සමුගැනීම සතුටින් වේවි..සමහරවිට දුකකින් වේවි..සමහරවිට අපි ආස කරන දේවල් තව කෙනෙක් වෙනුවෙන් කැපකරන්න අපිට සිදුවේවි...අපේ දෙමව්පියො වෙනුවෙන් ඒ අයගෙ බලාපොරොත්තු වෙනුවෙන් අපි ආස කරන සමහර දේවලින් ඈත් වෙන්න සිදුවේවි..සදහටම....!!

සමහරවිට ඔයාටත් ඒ දේට මුහුන දෙන්න වේවි..මේ වගේ තැනකදි අපි හැමෝටම මූන දෙන්න වෙන දෙයක් තමයි  'මොකද්ද දැන් මම කරන්නෙ' කියන එක..මේ වගේ තැනකදි අපි ගොඩාක් අසරණ වෙනවා..කෙටියෙන් කිව්වොත් ඔළුව මඤ්ඤං වෙනවා. හදවතින්ද බුද්ධියෙන්ද තීරණ ගන්න ඕනි..හැමෝවම සතුටින් තියන්න ඕනි.මාත් සතුටින් ඉන්න ඕනි.මොකද්ද මේකට කරන්නෙ..මම කල දේ හරිද... වැරදිද.....අම්ම,තාත්තා,සහෝදර සහෝදරියො,නෑදෑයො,යාළුවො,සමාජය....මම කොහොමද මේ හැමදේම ගැන හිතන්නෙ..ඔය වගේ ගොඩක් දේ වලට උත්තර හොයා ගන්න සිද්ද වේවි.ආදරය..,හීන...,බලාපොරොත්තු.. එක්ක අනිත් දේවල් ගැටුනාම අපි ගොඩාක් අසරණ වෙනවා..

ඉතින් මේ වගේ දෙයක් ඔයාට උනොත් ඔයා මොකද කරන්නෙ..මොකද්ද ගන්න තීරණේ..ගොඩාක් දේවල් හිතන්න වෙනව නේද.ඉතින් මේ වගේ වෙලාවකදි ඔයා ඔයාගෙන්ම අහල බලන්න..ඔයාගේ හිතෙන් අහල බලන්න.අපි දෙන්නවම ගත්තොත්..ඔයා හිතින් අහල බලන්න ඔයා මට ඇත්තටම ආදරේද කියලා..ගොඩාක් ආදරේද කියලා..ඔයාට දැනෙනවද බලන්න මම ඔයාට ආදරෙයිද කියලා..ඒක ඔයාට දැනෙනවනම් දැන් හිතන්න මාව ඔයාට ඕනිමද කියලා..ඒ හැමදේටම උත්තරේ ඔව් නම් කල්පනා කරල බලන්න පුංචි කාලෙ ඉදල දහදුක් විදල හදාගත්ත දෙමව්පියො ගැන..එයාලට මාව ගැලපෙනව කියල ඔයාට හිතෙනවද..කවද හරි දවසක මගේ ලගට ඔයා ආවොත් ඔයාගෙ දෙමව්පියන්ට වෙනසක් නොවෙන්න මගෙන් ඔයාට වගේම එයාලටත් රැකවරනයක් ලැබෙයිද කියලා..මේ හැමදේටමත් උත්තරේ ඔව්ම නම් දැන් ඊලගට හිතන්න දෙමව්පියන්ගෙ ඉලක්ක බලාපොරොත්තු ඒ දේවල් එක්ක මේ දේවල් වල ගැටීමක් තියද කියලා.. තියනවනම් හිතල බලන්න ඒ දේවල් නිරාකරනය කර ගන්න අපිට මොනවද කරන්න තියෙන්නෙ කියලා..අර මම කලින් කිව්ව දේවල් ඔක්කොටම උත්තරේ ඔව් නම් සැකයක් නැතිවම මේ ප්‍රශ්ණෙටත් පැහැදිලි උත්තරයක් අපි දෙන්නටම හොයාගන්න පුළුවන්..අඩු සුදුසුකම් හැමදෙයක්ම අපි දෙන්න වෙනුවෙන් අපි දෙන්නටම හදාගන්න පුළුවන්..මේ හැම දෙයක්ම කරල හැමෝවම සතුටින් තියල අපි දෙන්නටත් සතුටින් ඉන්න පුළුවන්...එතකොට මේ නාට්‍යෙයෙ සභාතෙමෝ සියල්ලෝම කවදහරි සතුටින් විසිර යාවි.. හැබැයි මේ හැමදේම මෙහෙමම වෙන්නනම් අර කලින් ඔයා ඔයාගෙන් අහපු හැමදේටම උත්තරේ 'ඔව්' වෙන්න ඕනි. එකකට හරි උත්තරේ 'නෑ' නම් එතනින් එහාට මේ දේවල් හිතන්න එපා..මොකද එතනින් එහාට ඒක හැමෝටම දුකක් හැමෝටම කරදරයක් වේවි...ඒ හින්ද හොදට හිතල ඔයාම හදවතින් බුද්ධිමත්ව තීරණය ගන්න..ඒ දේ මොනව උනත් ඔයා වෙනුවෙන් වෙනද වගේම මම ඉන්නව ඔයාගෙ ලගින්ම..

ඉතින් මේ හැමදේම මම ඔයාට කිව්වෙ වෙන කිසිම දෙයක් හින්ද නෙවෙයි...
මම ඔයාට ගොඩාක් ආදරේ හින්දමයි...!!!!

මීට..,
ඔයාට ගොඩාක් ආදරේ..,
මම.

4 comments:

  1. දෙමවුපියන් වෙනුවෙන් අපට සමහර අපි ආස කරපු දේවල් වලින් ඈත් වෙන්න වෙනවා. ඒකයි ඇත්ත කතාව.

    මොකද අපිට මුලින්ම ලැබුනේ දෙමවුපියන්ගේ ආදරේ නේ.

    ReplyDelete
  2. ඔය ඔක්කොටම ඔවු වොවූ කියල ආවත් පස්සේ සමහරක් නිකම්ම නැහැ නැහැ බැහැ බැහැ වෙනවා සහෝ !

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්.. මමත් මධුරංග අයියා එක්ක එකගයි. ඒත් සමඩර අවස්ථා වලදි දෙමව්පියන්ගෙ සතුට නැති නොකරම අපිට අපි කැමති දේවල් ළං කරගන්න පුළුවම් වෙනවා. එහෙමත් වාසනාවක් තියෙන්න ඕනෙ.:)

    අයියා...... කාටද දැන් මේ මෙහෙම ලියන්නෙ???:p

    ReplyDelete
  4. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....ස්තූතියි කස්ටියටම..............

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...