Wednesday, July 13, 2011

සියදිවි නසා ගැනීම..

එකදාස් නවසිය බර ගනන් වල හිටපු මනුස්සයෙක්ට සියදිවි නසාගන්න හිතුනලු .හැබැයි මොනම විදිහකින් වත් අසාර්ථක නොවන විදිහට මැරෙන්නත් හිතුවලු.එහෙම හිතල මේ මනුස්සයා මුහුද ලග තිබුණු කන්දකට නැගල ඒ කන්ද උඩ තිබුණු ගහක මුහුදට නැමුනු අත්තක එල්ලෙන්න හිතුවලු.
බැරි වෙලා වත් මේ ක්‍රමය අසාර්ථක උනොත් කියල එල්ලෙන්න කලින් වහ බොන්නත් හිතුවලු.වසවල තිත්ත නොදැනෙන්න ඊට කලින් අරක්කු බෝතලයක් බොන්නත් හිතුවලු.වැඩි හොදට කියල එල්ලෙන ගමන් ඔළුවට වෙඩි තියාගන්නත් හිතුවලු.මේ මොකක් නැති වුනත් අඩුම ගානෙ මුහුදටවත් වැටිල මැරෙයිනෙ කියල හිතල මේ අදහස ක්‍රියාත්මක කරන්න තීරණය කළා ලු.
ඊට පස්සෙ ඔක්කොම ලෑස්ති කරගෙන අර කන්දට නැගල ගහේ අත්තට ලණුව දාල අරක්කුත් බීල ඊට පස්සෙ  වසත් බීල තොන්ඩුව බෙල්ලට දාල අත්තෙ එල්ලුනාලු. එල්ලෙනකොටම අතේ තිබුණු පිස්තෝලෙන් හිසට වෙඩි තියාගත්තලු.
ඒත් (අ)වාසනාවට වගේ අත්තෙන් පනිනකොට වුණු ගැස්සීමට පිස්තෝලෙන් පිට වුණු උන්ඩය හිසට නොවැදී එල්ලුණු ලණුවට වැදුනලු.
වෙඩි වැදිල ලණුව කැඩිල මේ මනුස්සයා මුහුදට වැටුනලු.
මුහුදට වැටිල ගිලෙනකොට වතුර පෙවෙනවනේ.ඉතින් මෙහෙම පෙවුණු ලුණු වතුරට මේ මනුස්සයා බීපු ඔක්කොම වස සහ අරක්කු වමනෙ ගියාලු.
මැරෙන්න ගත්තු හැම තීරණයක්ම වැරදුනු මේ මනුස්සයා කොහොම හරි පීනල ගොඩට ආවේ හිටියට වඩා ගොඩක් ජීවිතය තේරුම් ගත්තු පුද්ගලයෙක් විදිහටලු...


ප.ලි.:- මේ මම කියවපු අධිකරණ වෛද්‍ය විද්‍යාවේ පියා වන මහාචාර්‍ය සිඩ්නි ස්මිත් විසින් රචිත පොතක තිබුණු කතාවක්.කොහේ හරි වරැද්දක් තියනවනම් මට සමා වෙන්න ඔනි..ගොඩක් කාලෙකට කලින් කියවපු කතාවක්...
ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතලයි ලිව්වෙ..හිතන්න දෙයක් ඇති කියල හිතෙනවා...

15 comments:

  1. ම්ම්ම්ම්ම්ම්...... සරළ උනත් යමක් කියවෙන කතාවක්..
    ජීවිතේ ගැන හරියට තේරුම් ගත්තොත් මැරෙන්න හිතන්නෙ නෑ කවුරුත්..
    කතාවටත් කියන්වානෙ.. මරන්න බැරි මිනිහා ගලේ ගහලවත් මරන්න බෑ කියලා...

    ReplyDelete
  2. ඇත්ත හිතූ......
    අදහසට ගොඩක් ස්තූතියි........................

    ReplyDelete
  3. අඩඩා මාත් සියදිවි නසා ගැනීමක් ගැනීමක් ගැන ලිව්වා. ගොඩක් වටින කතාවක්.ඔය වගේ සීන් එකක් හින්දා වෙන්න ඇති මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑහ කියලා කියන්න ඇත්තේ.

    ReplyDelete
  4. යා යා මම දැක්කා..
    සමහරවිට ඒ හින්දා වෙන්න ඇති......

    ReplyDelete
  5. ආයි මොනවද ඉතින් ගලේ කොටලත් මරන්න බැරි මිනිහෙක් නේ

    ReplyDelete
  6. යා යා ඒක ඇත්ත.....
    ස්තූතියි සහෝ....

    ReplyDelete
  7. punchikale ahapu katandara mathakvenava.honda katavak.referance eka dapu eka eta vada hondai.ohoma yan.

    ReplyDelete
  8. ස්තූතියි අයියා...

    ReplyDelete
  9. ඔන්න ඔහොම බේරිලා ගදර ආවට පස්සේ ඌ තේ කෝප්පේ ඇතුලට වැටිලා ගිලිලා මැරුණයි කියන්නේ !!
    මැරෙන එකත් බැලුවම පන යන වැඩක්නේ ?

    ReplyDelete
  10. හී හී සහතික ඇත්ත.....

    ReplyDelete
  11. තවත් මැරෙන්න හිතුන මිනිහෙක් ගඟට පනින්න පාලම උඩට ගියාලු. ගිහින් එතැන් හිටිය තව මිනිහෙකුගෙන් ඇහුවලු ගඟ හරි ගැඹුරුද කියල ? ඔවු කිවුවලු ඒ මිනිහ.. එතකොට වතුර හරි සීතලත් ඇති නේද කියල ඇහුවම අර මිනිහ කිවුවලු නැතුව නැතුව? කියල. ඉතිං අම්මෝ අද සීතල වැඩියි කියල මිනිහ ආපහු ගෙදර ගියාලු..

    ReplyDelete
  12. හ්ම්ම්.. පොඩි කථාවක් වුනත් ලොකූ පණිවිඩයක් දෙනවා..

    ReplyDelete
  13. ඇත්ත කතාව! සමහර හරක් මිනිස්සු ඉන්නවා තමන්ට වැරදුනාම හෝ දුකක් ඇති ළුුනාම ඒකෙන් පැනලා යන්න සිය දිවි හානි කර ගන්න එවුන්! මගෙ යාලුවෙකුත් ඔහොම තත්වෙකට පත්වෙන්නම ගිහින් කියලා කියලා තමයි අන්තිමට ෂේප් කර ගත්තේ!

    ReplyDelete
  14. මේ කතාව මට තේරුනේ මේ විදිහට.

    තමන්ගේ ජීවිත කාලේ ඇතුළත එක් වතාවක් හරි මනුස්සයෙක් ලොකුම ලොකු මෝඩකමක් කරලා ඒ මෝඩකමේ අන්තෙටම යන්න ඕනේ. ඒ යද්දී එක පාරටම ඒ මනුස්සයාටම තේරෙනවා තමන් කරන්න ලොකු මෝඩකමක් කියලා. ඒකත් එක්ක ඒ මනුස්සයා මෝඩකම් කරන එක අත් අරිනවා වගේම ජීවිතය ගැන වැටහීමක් තියෙන නියම මනුස්සයෙක් වෙනවා.

    උදාහරණයක් විදිහට සිදුහත් බෝසතාණෝත් අවුරුදු 6 ක් දුෂ්කර ක්‍රියා කියලා කලේ ඒ ලොකුම මෝඩකම තමා

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...