Monday, July 11, 2011

ජීවිතය.....!



ජීවිතය....
විටෙක...
ගලන නදියක් සේ...
ඔහේ ගලා යයි...
තවත් විටෙක... 
මහා දිය ඇල්ලක් සේ...
කඩා වැටෙයි...;
හඩා වැටෙයි...
හදවත ගිනිගත්...
රාත්‍රීන් මෙන්ම...
සොදුරැ සිතුවම්... 
මැවූ රාත්‍රීන්ද...
එපමණය...
හඩ හඩා...
සුසුම් හෙලූ දින...
මෙන්ම...
සතුටින් උදම් ඇනූ...
දිනද...
අපමණය...
දුක හා සතුට...
යන...
බොරැකාරයින්...
දෙදෙනාවම...
මා ඉදිරියේ...
මවා පෙන්වූ...
ජීවිතය...
ඔබ තරම්...
සොදුරැ...
වස්තුවක්...
මගේ ජීවිතයේ......
තවත්...
කොයින්ද..... 


6 comments:

  1. ඇත්තටම මේ ජීවිතය කියලා කියන්නේ මහ පුදුම දෙයක්. වෙලාවකට අපි නොහිතන තරමේ දේවල් වෙනවා. වෙලාවකට අපි හිතන කිසිම දෙයක් වෙන්නේ නෑ.

    ප.ලි. - ඔන්න මම තරූ මේ මාසෙටම ලියපු ඔක්කොම කියෙව්වා. කවි ලියන්න මාරම හකියාවක් නේ තියෙන්නේ. :)

    ReplyDelete
  2. ස්තූතියි මධුරංග ඔයාගෙ සහයෝගයට......

    ReplyDelete
  3. ගලා යන නදියක් නම්
    විටෙක දිය ඇල්ලක් මෙන්
    කන්දෙන් පහලට
    පැනිය යුතු වෙයි

    කඳු හෙල් අතුරෙන්
    මහ වන පෙත් මැදින්
    කළුගල් පරුවත
    දෙබෑ කරන් ගලන්න

    අතරතුර තැනිතලා
    හමුවුවද නොනැවතී
    යායුතුය යන ගමන
    මහා සමුදුර වෙතමැ

    ReplyDelete
  4. ඇත්තමයි සහෝ....
    ස්තූතියි........!!

    ReplyDelete
  5. ජීවිතය ජීවත් කරවන කරවන හුගක් අය හදවතින් හිනාවෙන අය.ඒත් ඒ හිනාව දකින්න පුළුවන්............විතරයි

    ReplyDelete
  6. කවුද මේ .............. අය ?????

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...